27 April 2024
#ක්‍රීඩා

ගෝඨාට සහතික ඕන බව නවින් කියයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේනම් ඊට ප්‍රථම ඔහු ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කළ බවට සහතිකයක් ලබා දිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ගම්මන්පිල මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමට පිළිතුරක් වශයෙන්.
අමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කරන බවට ඉල්ලුම් කර ඇති බව දැනගැනීමට ලැබී ඇති බවත් නමුත් තවමත් එම ඉවත් කිරීමට සහතිකයක් අමෙරිකාව විසින් ලබා නොදුන් බවයි.

අමෙරිකානු පුරවැසියෙකුට මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *