දරුවන් නොසැලකීම, අතහැර දැමීම මෙන්ම කායික හා මානසික අපයෝජනයන්ට අදාළ පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) පවසයි.
එම අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවී අබේකෝන් මහත්මිය සඳහන් කර ඇත්තේ, මාසිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව 600ත් 1,000ත් අතර අගයක පවතින බවයි. එවැනි අපරාධවලට වරදකරුවන් වන දෙමාපියන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අවම වශයෙන් වසර දෙකක සිට උපරිම වසර දහයක් දක්වා වූ සිරදඬුවම් ලබා දිය හැකි බව ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
















