ඇමෙරිකාවේ නෙබ්‍රස්කා (Nebraska) ප්‍රාන්තයේ 45 හැවිරිදි විවාහක ගුරුවරියක්, 17 හැවිරිදි නව යොවුන් වියේ පසුවන පිරිමි පාසල් සිසුවෙකු සමඟ මෝටර් රථයක පිටුපස අසුනේ නිරුවතින් රැඳී සිටියදී එරට පොලිසියේ විශේෂ අත්අඩංගුවට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස බාල වයස්කාර අපයෝජන චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එරින් වෝඩ් (Erin Ward) නැමැති විවාහක ගුරුවරියකි.
අදාළ ප්‍රදේශයේ ෂෙරිෆ් (Sheriff) කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පසුගිය අප්‍රේල් 13 වන දින අලුයම 3:00ට පමණ බෙනින්ටන් (Bennington) ප්‍රදේශයේ පාළු මාර්ගයක සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර ඇති බවයි. එහිදී පොලිස් නිලධාරීන් පැමිණෙනවාත් සමඟම අදාළ 17 හැවිරිදි සිසුවා නිරුවතින්ම මෝටර් රථය පදවාගෙන එම ස්ථානයෙන් පලායාමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් ලුහුබැඳ ගොස් වාහනය නවතා මෙම දෙදෙනාව අල්ලාගෙන තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ගුරුවරිය සහ සිසුවා අතර කලක පටන් මෙවැනි සබඳතාවක් පැවතී ඇති බවයි. බාල වයස්කාර පිරිමි ළමයෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ අදාළ ගුරුවරියට එරෙහිව නෙබ්‍රස්කා අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, ඇය සේවය කළ පාසල් බලධාරීන් විසින් ඇයව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට ද පියවර ගෙන ඇත.
















