• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාර්ෂිකව නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමට NEDA හා SDB එක් වෙයි

22 March 2021
in සංවර්ධන

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), සණස සංවර්ධන බැංකුව (SDB) සමඟ එක්ව වාර්ෂිකව ව්‍යවසායකයන් 2000ක් බිහි කිරීම සඳහා ඇරඹූ ජාතික ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බව ජාතික සංවර්ධන අධිකාරිය සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා පවසයි.

මෙම ජාතික ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන වාර්තාව කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පිරිනැමීය.

 

මෙම අවස්ථාවට සණස සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි කෘෂි, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ ප්‍රධානී ධම්මික ගමගේ, සමුපකාර අංශ ප්‍රධානි ලසන්ත එදිරිසූරිය, නියෝජ්‍ය කළමනාකාරිණී සුමේධා කුමාරච්චි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙහිදී මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත අතර ඒවා ‘SDB – NEDA දිරි ජනනි’ සහ ‘SDB – NEDA COOP සවි’ ලෙස දියත් වේ. SDB – NEDA COOP සවි’ උප ව්‍යාපෘතිය සවිට අවැසි දිරිය මිනිසුන්ට බැංකුකරණයෙන් ඔබ්බට ගොස් ආර්ථික ශක්තියක් ලබා දීමත් නව්‍ය තාක්ෂණය, ව්‍යවසායකත්ව පුහුණුව හා කළමනාකරණයට මගපෙන්වීමත් අරමුණු කරගනිමින් දිවයිනෙහි දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීමට නියමිතය.

කර්මාන්ත අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා සමපාත වෙමින් වාර්ෂිකව සමුපකාර සමිති සාමාජිකයන් 2000ක් නව ව්‍යවසායකයන් ලෙස නිර්මාණය කරන අතර ඔවුන් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමයේ සාඩම්බර හිමිකරුවන් කර දීමට ද බලාපොරොත්තු වන බව මෙම සාකච්ඡාවේදී සණස නිලධාරීහු සඳහන් කළේය.

මෙම ජාතික ව්‍යාපෘතිය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන නිලධාරීන්ගේ ද සහාය ලබා ගනිමින් එය කර්මාන්ත අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව, අමාත්‍යවරයාගේ සහභාගීත්වය ඇතිව එදිනම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ සහ ඉහත පිරිසගේ සහභාගිත්වයෙන් කෙටි රැස්වීමක් ද පැවැත්වූ අතර එවැන්නක් කඩිනමින් පැවත්වීම පිළිබඳව අමාත්‍යවරයාට සියලු පාර්ශ්වයන්හි කෘතවේදීත්වය පළ විය.

Post Views: 7
Previous Post

ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි

Next Post

පරිසරය වෙනුවෙන් වගකීම ඉටුකරන්න එක්වන්න – ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි

editor

editor

Next Post

පරිසරය වෙනුවෙන් වගකීම ඉටුකරන්න එක්වන්න - ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved