මීගමුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 52.5ක ප්‍රමාණයක්, එනම් මත්පැන් බෝතල් 70ක් සමඟ 44 හැවිරිදි සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ජාවාරමට සම්බන්ධ වෙනත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
















