මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එම සිදුවීමෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම නව මරණ දෙකත් සමඟ මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වයස අවුරුදු 25 සහ 39 යන වයස්වල පසු වූ මෙම නිලධාරීන් දෙදෙනා ඊයේ (13) සහ අද (14) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.
පසුගිය ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ හටගත් මෙම ගැටුම් හේතුවෙන් රැඳවියන් 21 දෙනෙකු ද මියගිය අතර, තවත් රැඳවියන් සහ නිලධාරීන් පිරිසක් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
















