මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ‘ලැම්බා’ නැමැත්තා නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව, අද දිනම එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිය වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
















