මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළ සහ ඊට සෘජුවම සහභාගී වූ සියලුම පුද්ගලයින් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව දැඩි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බන්ධනාගාර පද්ධතිය තුළ පවතින තදබදය සහ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමිනි.
















