පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් මාලාවෙන් අනතුරුව, එම පරිශ්‍රය තුළ තවදුරටත් රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බව බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් මීගමුව බන්ධනාගාර පරිශ්‍රය මේ වන විට ‘අපරාධ ස්ථානයක්’ (Crime Scene) ලෙස සලකා කටයුතු සිදු කෙරේ. ඒ අනුව, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සහ විමර්ශන අවසන් වන තෙක් එම ස්ථානය රැඳවියන් රඳවා තැබීම සඳහා භාවිත නොකිරීමට තීරණය වී ඇත.















