27 April 2024
#සංවර්ධන

Trace City ව්‍යාපෘතිය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සාකච්ඡා 

Trace City ව්‍යාපෘතිය (TEC) නැවත ප්‍රතිනිර්මාණය හා සංවර්ධනය කිරීමට කටයුතු කල යුතු බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (17) නිපුණතා පියසේදි පැවැති සාකච්ඡාවේදිය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ආර්ථික මට්ටම් නොසලකා ග්‍රාමීය ජනතාවටද ප්‍රතිලාභ බෙදීයන ආකාරයට ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම මූලික අරමුණ ලෙස ගනිමින් එය සිය අමාත්‍යංශයේ වගකීමක් ලෙස සළකා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

එසේම නාගරික සංවර්ධන අධිකාරීය යටතේ පවතින කොළඹ පිහිටි ඉඩමක ව්‍යාපෘතිය සිදුකෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා අදාළ මූල්‍ය දායකත්වය ලබාගත යුතු අකාරය පිළිබඳවද අමාත්‍යවරිය විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදුනි.

මෙම සාකච්ඡාව සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් පද්මා රාජපක්ෂ මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නිළධාරීන් ඇතුලු නිළධාරීන් රැසක් සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *