නේපාලයේ බාරා (Bara) ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ බිහිසුණු අපරාධයට එරෙහිව ප්‍රදේශවාසීන් මහාමාර්ග අවහිර කරමින් දැවැන්ත විරෝධතාවක නිරත වී තිබේ.
ජීත්පූර් සිමාරා ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වූ ගරිමා චෞධරි (Garima Chaudhary) නම් සිව් හැවිරිදි දැරිය පසුගිය අඟහරුවාදා සවස මළ සිරුරක් ලෙස සොයාගනු ලැබීය. චොක්ලට් ලබා දී ඇයව රවටා රැගෙන ගොස් අතවර කර ඇති බව පොලිසිය තහවුරු කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් ත්‍රිභුව හයිවේ (Tribhuvan Highway) මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාව දියත් කර තිබේ.
















