නේපාලයේ භෝත කෝෂි (Bhote Koshi) සහ ත්‍රිශූලී නදිය ආශ්‍රිතව හටගත් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 177 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කරයි.
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයේ හටගත් මෙම ව්‍යසනය හේතුවෙන් දේශීය වැසියන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අතුරුදන්ව සිටින අතර, මියගිය පිරිස අතරින් සිරුරු 50ක් පමණ මෙතෙක් හඳුනාගෙන නොමැත.
අධික වර්ෂාව සහ ග්ලැසියර ආශ්‍රිත හදිසි ජල ගැලීම් නිසා රසුවා (Rasuwa) සහ ධාව්රිං (Dhading) ඇතුළු දිස්ත්‍රික්ක රැසකට දැඩි හානි සිදුවී ඇති අතර, මේ වන විටත් අතුරුදන් වූවන් සෙවීමේ සහ පීඩාවට පත් වූවන්ටන සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














