නේපාලයේ රසුවා ප්‍රදේශයේ පිහිටි භෝටේකොෂි ගංගාවේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ සංචාරකයින් 384 දෙනා අතරින් විදේශිකයින් 111 දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය පවසයි.
නිල නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ අතුරුදන් වූ මුළු පිරිස අතර විදේශීය ජාතිකයින් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 93 දෙනෙකු සිටින බවයි. හඳුනාගත් විදේශිකයින් අතරින් වැඩිම පිරිසක් එනම් 105 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර, මැලේසියානු ජාතිකයින් 17ක්, එක්සත් රාජධානියේ 12ක්, දකුණු අප්‍රිකාවේ 4ක්, ඇමෙරිකානුවන් 3ක්, ඔස්ට්‍රේලියානු සහ නෙදර්ලන්ත ජාතිකයෙකු බැගින් ද වෙති. නේපාල ආරක්ෂක අංශ සහ සංචාරක අධිකාරිය එක්ව අතුරුදන් වූ පිරිස් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් දැඩි අභියෝග මධ්‍යයේ දියත් කර තිබේ.













