නේපාලයේ හදිසියේ ඇතිවූ දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 31 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 93 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවට තහවුරු වී ඇත. හිමාලයානු සීමා මායිම් ආශ්‍රිතව සිදුවූ නායයෑමක් සහ ගංගා පිටාර ගැලීමත් සමඟ ඇරඹුණු මෙම ගංවතුරෙන් තවමත් බොහෝ පිරිසක් අතුරුදහන්ව සිටින අතර, පීඩාවට පත් ප්‍රදේශවල මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














