නේපාලයට හදිසියේ බලපෑ ප්‍රචණ්ඩ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව ඊයේ (27) වනවිට 469 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් දහසකට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා පවසයි. මෙම බිහිසුණු ආපදා තත්ත්වය එරට ආර්ථිකයට දැඩි මරු පහරක් එල්ල කර ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
දිස්ත්‍රික්ක අටක නිවාස, ගොඩනැගිලි මෙන්ම පාලම් 80ක් සහ ප්‍රධාන මාර්ග රැසක් විනාශ වී තිබීම නිසා නේපාලය සහ චීනය අතර වෙළඳ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත. ටිබෙටය හරහා පැමිණි මෙම ගංවතුර හේතුවෙන් ටිබෙටයෙන්ද මරණ 10ක් වාර්තා වී ඇති අතර 500කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇත. විදුලිබල සැපයුම් ඇතුළු යටිතල පහසුකම් ද දැඩි ලෙස විනාශ වී ඇති මෙම අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6ක ආධාර පිරිනැමීමට තීරණය කර තිබේ.
















