පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ I සහ II කලාප වසා තබන කාලසීමාව තුළ, එම කලාපවල පිහිටි සංචාරක බංගලා සහ කඳවුරු (Campsites) ද තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) තීරණය කර තිබේ.
අදාළ කාලසීමාව සඳහා දැනටමත් මහජනතාව විසින් වෙන්කරගෙන ඇති සංචාරක බංගලා සහ කඳවුරු ද මෙලෙස වසා තැබෙන අතර, එම කාලය තුළ නැරඹීමට වේලාවන් වෙන්කරගත් සංචාරකයින් සඳහා වෙනත් විකල්ප දිනයන් ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට බලපා ඇති දරුණු වියළි කාලගුණය හේතුවෙන් වනසතුන්ගේ සුභසාධනය උදෙසා මෙම තාවකාලික වසා තැබීම සිදුකර තිබේ.














