නේපාල – ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. වන්දනාකරුවන් සහ කඳු නගින්නන් අතර අතිශයින් ජනප්‍රිය ප්‍රදේශයක් වන මෙහි හටගත් මෙම ව්‍යසනයෙන් සංචාරකයන් 500කට අධික පිරිසක් අතුරුදන් වී තිබේ.
අතුරුදන් වූ පිරිස අතර ඉන්දියාවෙන් 100කට අධික පිරිසක්ද, ඇමරිකා එක්සත් ජනපදයෙන් 54 දෙනෙක්ද, එක්සත් රාජධානියෙන් 33 දෙනෙක්ද, නේපාලයෙන්ම 100කට වැඩි පිරිසක්ද වන බව සඳහන් වේ. ටිබෙට් ප්‍රදේශයේදී අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 265 දෙනෙකු අතුරුදන් වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි. භූමිකම්පාවක් නිසා මෙම ගංවතුර ඇති වන්නට ඇති බවට මුලින් සැකකළද, නියඟයක් හෝ නායයෑමක් මඟින් ඇති වූ භූ කම්පන තත්ත්වයක් මෙයට හේතු වන්නට ඇති බවට මේ වන විට විශ්වාස කෙරේ. දේශසීමාවේ ගයිරොං (Gyirong) ප්‍රදේශයේ දැවැන්ත ජල කඳක් ගලායන ආකාරය CCTV දර්ශනවල සටහන් වී ඇති අතර, ඉදිරි දිනවලදී මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.














