නේපාල-තිබෙට් සීමාව ආසන්නයේ සිදුවූ දරුණු ග්ලැසියර කඩා වැටීම සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රංශ ජාතිකයින් 4 දෙනෙකු අතුරුදහන්ව ඇති බව ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.
විපත සිදුවන අවස්ථාවේ අදාළ කලාපයේ ප්‍රංශ ජාතිකයින් 80 දෙනෙකු රැඳී සිට ඇති අතර, ඉන් 76 දෙනෙකු පිළිබඳ තොරතුරු තහවුරු කරගෙන තිබේ. හිමාලයානු ගංගා පද්ධතිය හරහා ගැලූ හිම, පස් සහ ගල් සහිත ප්‍රබල ගංවතුර නිසා නේපාලයෙන් පුද්ගලයින් 579 දෙනෙකු සහ තිබෙට් කලාපයෙන් 7 දෙනෙකු ඇතුළුව 580කට වැඩි පිරිසක් මියගොස් ඇත. මේ වන විටත් පුද්ගලයින් 2,000කට අධික පිරිසක් අතුරුදහන්ව සිටින අතර සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














