ඉරානය සමඟ පවතින යුද්ධය හයවන සතියටත් එළඹෙද්දී, ඊශ්‍රායලයේ පවතින දැවැන්ත යුධ ශක්තිය සිය දේශපාලන වාසියක් බවට පත්කර ගැනීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අපොහොසත් වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකාව සමඟ එක්ව දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කළද, ඉරානය තවමත් සිය න්යෂ්ටික හා මිසයිල බලය රඳවාගෙන සිටින අතර හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීම හරහා ලෝක තෙල් සැපයුමට තර්ජනයක්ව පවතී. හමාස් සහ හිස්බුල්ලා වැනි කණ්ඩායම් මුළුමනින්ම මර්දනය කිරීමට ද ඊශ්‍රායලයට මෙතෙක් හැකි වී නැත. මෙම තත්ත්වය හමුවේ නෙතන්යාහුගේ ජනප්‍රියතාවය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත්, මෙය දේශපාලන වශයෙන් ඔහු ලැබූ “මූලෝපායික පරාජයක්” බවත් ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














