ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත “ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කරන ලෙස” (Vigorously attack) ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක බලකායට (IDF) නියෝග කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ හිස්බුල්ලා සංවිධානය විසින් සටන් විරාම ගිවිසුම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.
පසුගිය සෙනසුරාදා දිනය පුරාම ඊශ්‍රායල හමුදාව විසින් ටෙලිග්‍රෑම් (Telegram) පණිවුඩ හරහා හිස්බුල්ලා සංවිධානයට චෝදනා එල්ල කළේ ඔවුන් සටන් විරාම කොන්දේසි කඩකරමින් ප්‍රහාර එල්ල කරන බවටයි. කෙසේ වෙතත්, හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට ප්‍රතිචාර දක්වමින් පවසා සිටින්නේ ඊශ්‍රායලය විසින්ම සටන් විරාමය උල්ලංඝනය කරමින් සිටින බවයි. දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතරතුර නෙදන්යාහුගේ මෙම දැඩි නියෝගයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් දරුණු අතට හැරීමේ අවදානමක් මතු වී තිබේ.














