27 April 2024
#දේශීය

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක‍්ෂ ‌ජෙනරාල් ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ‌ජෙනරාල් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන (විශ්‍රාමික) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාව අද (12) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

මෙහිදී, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් දැනට සිදුකරනු ලබන සේවාවන් අගය කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක සැලසුම් සහ මාර්ග පිළිබඳව ද සිය අවධානය යොමු කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා නව අතිරේක අධ්‍යක්ෂ ‌ජෙනරාල් වෙත සිය සුභාශිංසන පළ කළ අතර ඔහුගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

අප්‍රේල් 04 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමේ ලිපිය ලබාගත් රියර් අද්මිරාල් සුදර්ශන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35කට වැඩි කාලයක් සේවය කර ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *