චිකාගෝහි පැවති ‘සෝයා කනෙක්ස්ට් 2026’ සමුළුවේදී ප්‍රතිජීවක රහිත කුකුළු මස් නිෂ්පාදනයේ පුරෝගාමියකු වන ශ්‍රී ලංකාවේ ‘නිව් ඇන්තනීස් ෆාම්ස්’ ආයතනය ගෝලීය තිරසාර ප්රමුඛයෙකු ලෙස නිල වශයෙන් නම් කරනු ලැබ තිබේ. එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලයේ (USSEC) ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ලොව පුරා නියෝජිතයන් 800 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එහිදී තිරසාර භාවිතයන් වෙනුවෙන් පෙනී සිටිමින් දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් ඉහළම පිළිගැනීමට ලක්වීමට මෙම ආයතනය සමත්විය.
පරිසර හිතකාමී සහ වගකිවයුතු මූලාශ්‍ර භාවිත කිරීමේ ප්රමිතීන් තහවුරු කරමින් 2023 වසරේදී දකුණු ආසියාවෙන් ප්‍රථම වරට ‘Sustainable U.S. Soy’ බලපත්‍රය දිනාගත් මෙම ආයතනය, මෙවර ලෝක වේදිකාවේදී ලද මෙම පැසසුම හරහා ජාත්‍යන්තර ආයතනික තිරසාරභාවයේ සන්ධිස්ථානයක් ස්ථිර කර ඇත. සමාගමේ 40 වන සංවත්සරය සහ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී හිමිවූ විශිෂ්ටතම ඇගයීම් මධ්‍යයේ ලැබුණු මෙම ගෝලීය කීර්තිය, මෙරට කෘෂිකාර්මික හා සත්ත්ව ආහාර සැපයුම් දාමයේ ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමට සමත්ව තිබේ.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ අසමසම ජයග්‍රහණ හරහා දේශීය කර්මාන්ත ක්ෂේත්රය ගෝලීය ආර්ථික ප්රවණතා සමඟ සාර්ථකව අත්වැල් බැඳගැනීම මෙරට අපනයන වෙළෙඳපොළට මෙන්ම කෘෂිකාර්මික අංශයේ අනාගත ස්ථාවරත්වයටද මහත් රුකුලක් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මූල්‍ය දායකත්වය සහ නව තාක්ෂණික දියුණුව සමඟ ඉදිරියට පියමනින මෙම දේශීය ආයතන, ශ්‍රී ලංකාවේ නම ලෝක මට්ටමේ තිරසාර ව්‍යාපාරික නායකයන් අතර සනිටුහන් කිරීමට සමත් වීම සමස්ත ජාතියටම හිමිවූ අභිමානයකි.














