• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමට නව මධ්‍යස්ථාන ඉදිකෙරේ

17 December 2020
in දේශීය

දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් මෙම ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම කල යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (16 ) දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විමේදිය.

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය.

ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.

පරීක්ෂණ වාර්තා පිළබඳව හෙළි වූ කරුණු අනුව මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිිදි දළ වශයෙන් දෛනිකව PCR පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවද මෙහිදී හෙළි විය.

රෝහල්වල සේවයේ නියුතු වෛද්‍ය,හෙද,පර්යේෂණාගාර ඇතුළු කාර්ය මණ්ඩල සහ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ දැඩි අවධානයට ලක් වූ අතර ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල, ප්‍රවාහ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ සහ කේ.ආර්.උඩුවාවල, අතිරේක ලේකම්වරුන්වන වෛද්‍ය සුනිල් අල්විස්,‍ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

 

 

Post Views: 8
Previous Post

මහජන චීන සමූහාණ්ඩුව නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා රාජකාරි භාර ගනී

Next Post

කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතුයි – රාජ්‍ය ඇමැති සුදර්ශනි

editor

editor

Next Post

කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතුයි - රාජ්‍ය ඇමැති සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved