නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (අගෝස්තු 06) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.
මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට යටත් කර ඇති අතර, ගැටුමට සම්බන්ධ රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බවත්, ඊයේ රාත්‍රියේ එම තත්ත්වය පාලනය කිරීමටද ඔවුන්ගේ සහයෝගය ලැබුණු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
















