නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ සේවාව ලබන ඔක්තෝබර් 19 වැනිදා සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පහකදී ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඒ අනුව, යාපනය, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම සේවාව ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් සිදුකිරීමට පහසුකම් සැලසීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව වාර්තා වේ.
















