අලුතින් පත්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ඊයේ (12) පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
නාවික හමුදාපතිවරයා ප්‍රථමයෙන් වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව අටමස්ථානය වෙත ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය රාජයාණන් වහන්සේ වැඳපුදා ගත් ඒ මහතා, රටේ සාමය, ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ යහපත ප්‍රාර්ථනා කරමින් ආගමික වතාවත්වල නිරත විය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
















