27 April 2024
#දේශීය

දිවුලපිටිය නව කාබනික පොහොර අලෙවිසැල විවෘත කෙරේ

ජනාධිපතිවරයාගේ කාබනික පොහොර සංකල්පය ක්‍රියාවට නංවමින් දිවුලපිටිය, වල්පිට කොම්පෝස්ට් අංගනයේ කාබනික පොහොර අලෙවිය ආරම්භ කිරීම සහ දිවුලපිටිය, නාවාන කොම්පෝස්ට් අංගනයේ නව කාබනික පොහොර අලෙවිසැල විවෘත කිරීම ඊයේ (07) සිදු කෙරිණි.

ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහභාගීත්වයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන කාබනික පොහොර සංකල්පය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මැදිහත්වීමෙන් දිවුලපිටිය ආසනය තුළ ඉතා සාර්තකව මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතියි.

වල්පිට කොම්පෝස්ට් අංගනය, නාවාන කොම්පෝස්ට් අංගනය සහ කාබනික පොහොර යොදා ගනිමින් මෙහි සාර්ථකව සිදු කළ එළවළු වගාවන්ද අමාත්‍යවරුන් විසින් නිරීක්ෂණයට ලක් කෙරිණි.

ජනාධිපතිවරයා‌ගේ සංකල්පයක් අනුව රජය විසින් ක්‍රියාත්මක කළ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන් 50 දෙනෙකු විසින් දිවුලපිටිය, වල්පිට කොම්පෝස්ට් අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මේ වන විට සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික ජයසිංහ මහතා හා එහි මන්ත්‍රීවරුන් සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ඩී. කුමාරි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *