මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කිරීම සඳහා නව TMK පරිගණක මෘදුකාංගය එළිදක්වා තිබේ.
බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේදී ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මෘදුකාංගය එළිදැක්වූ අතර, ඊට අමතරව අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ නව කෞතුකාගාරයක් විවෘත කිරීමද සිදු කෙරිණි. දේශීය වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදුකර ඔවුන් සතු වෛද්‍ය දැනුම පරිගණකගත කිරීම සහ ජාතික ලේඛනයක් හා අන්තර්ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. පුද්ගල මතකය සහ සීමිත ලිඛිත මූලාශ්‍ර මත පමණක් රඳා පැවති මෙම වටිනා වෛද්‍ය දැනුම නවීන තාක්ෂණය ඔස්සේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ප්‍රවේශ විය හැකි අයුරින් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමට මෙමඟින් විශාල පහසුවක් සැලසේ.














