27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට නවසීලන්තයේ සහයෝගය

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර ඊයේ (12) සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවේ දී විශේෂයෙන්ම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම අරමුණු කරගෙන සිදු කරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද මෙරට ආර්ථික තත්වය, දේශපාලන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් විය.

එසේම, මෙරට සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ඇතුළුව නවසීලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ල්ටන් මහතා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා රේගු උපදේශක බ්රෙන්ට් ලිදර්ලන්ඩ් මහතා සහ ප්‍රධාන උපදේශක ජේම්ස් ඇන්ඩර්සන් මහතා ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *