චීනයේ ප්‍රමුඛ පෙළේ AI ආකෘති සංවර්ධන සමාගමක් වන DeepSeek, තම ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කරමින් Anthropic සමාගමේ ‘Claude Code’ සහ OpenAI සමාගමේ ‘Codex’ වැනි ජනප්‍රිය කේතන (coding) මෙවලම්වලට සෘජුවම තරගයක් ලබා දීම සඳහා ‘Code Harness’ නමින් නවතම ස්වයංක්‍රීය කේතන මෙවලමක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහ කළමනාකරණ කණ්ඩායම බඳවා ගැනීම් මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ. DeepSeek හි ඉංජිනේරු ඩෙලි චෙන් (Deli Chen) මහතා විසින් සමාජ මාධ්‍ය හරහා නිවේදනය කර ඇත්තේ, බීජිං නුවර පදනම් කරගෙන සේවය කළ හැකි පළපුරුදු නිෂ්පාදන කළමනාකරුවෙකු (Product Manager) සහ පර්යේෂණ හා සංවර්ධන ඉංජිනේරුවෙකු (R&D Engineer) තනතුරු දෙකක් සඳහා අයදුම්පත් කැඳවන බවයි. Claude Code, Codex, Cursor, GitHub Copilot සහ Manus වැනි දැනට පවතින ප්‍රමුඛ පෙළේ මෙවලම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති අය සඳහා මෙම තනතුරු වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දී තිබේ.’Code Harness’ මෙවලමේ දියත් කිරීමේ නිල දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත්, තාක්ෂණික වෙළෙඳපොළේ විශේෂ අවධානයක් දිනා ගැනීමට DeepSeek සමත්ව ඇත්තේ ඔවුන්ගේ නවතම ‘DeepSeek V4’ මාදිලියේ පවතින සුවිශේෂී මිල වාසිය (Price Competitiveness) නිසාවෙනි. දැනටමත් Claude Code තුළ DeepSeek V4 ආකෘතිය භාවිත කළ හැකි අතර, එහි මිල Anthropic හි ඉහළ පෙළේ මාදිලියකට සාපේක්ෂව සිය ගුණයකින් පමණ අඩු වීම, නිරන්තරයෙන් AI ක්‍රියාකාරකම් සිදු කරන සංවර්ධන කණ්ඩායම් වෙත විශාල ආකර්ෂණයක් වී තිබේ.මූලික ආකෘති නිර්මාණයෙන් ඔබ්බට ගොස් සංවර්ධකයින් දිනපතා භාවිත කරන මෙවලම් වෙත තම අවධානය යොමු කිරීම DeepSeek සමාගමේ නව උපායමාර්ගයයි. මෙමගින් සංවර්ධකයින්ගේ අතුරුමුහුණත (interface), ටර්මිනල් විධාන, රෝල්බැක් (rollback) ක්‍රියාකාරකම් සහ ඒකාබද්ධතා පාලනය කිරීමේ හැකියාව ඔවුන් සතු වේ. මෙය පරිශීලක පක්ෂපාතීත්වය සහ සමාගමේ ආදායම ඉහළ නංවා ගැනීමට උපකාරී වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.














