පසුගිය ජනවාරි මාසයේදී ඉරානය පුරා දියත් වූ දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හා විරෝධතාවලට (Anti-government protests) සම්බන්ධ වූ බවට එල්ල වූ චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකු ඉරාන රජය විසින් මරණ දණ්ඩනයට ලක් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය අද (25) උදෑසන නිල වශයෙන් වාර්තා කර සිටියි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙලෙස මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ ‘අබ්බාස් අක්බරී’ (Abbas Akbari) නැමැති පුද්ගලයාටය.
ජනවාරි මාසයේදී පැවැත්වුණු එම විරෝධතාවලදී රටේ පොදු දේපළවලට හානි කිරීම, නීති විරෝධී ක්‍රියාවල නිරත වීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටයුතු කිරීම ඇතුළු චෝදනා රැසක් මොහුට එරෙහිව ගොනු කර තිබූ බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. කෙසේ වුවද, මෙම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානය සහ විවේචන මේ වන විටත් එල්ල වෙමින් පවතී.
















