ලංකා හොස්පිටල්ස් ආයතනය විසින් අත්පත් කරගත් සුවිශේෂී කාර්ය සාධනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ “විශිෂ්ඨත්වයේ හදගැස්ම” සම්මාන ප්‍රදානෝත්සවය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. රෝහල් පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක්ව සිටියේය.
මෙම අවස්ථාවේදී ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ කළමනාකරණය සඳහා වූ ප්‍රථම පෞද්ගලික උපදේශක රෝහල ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ලංකා හොස්පිටල්ස් නම් කිරීම විශේෂ ඇගයීමට ලක් කෙරිණි.
එමෙන්ම, රෝහලේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙන් ලංකා හොස්පිටල්ස්හි නව ජංගම විද්‍යාගාර සේවාව ද නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.














