“කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙකුට මැතිවරණ පවත්වන දින ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැතැයි” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීරණ ගත යුත්තේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව (මැතිවරණ කොමසාරිස්වරයා) පමණක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
පානදුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැළියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, වත්මන් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙකු මෑතකදී යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් ඉදිරියේදී මැතිවරණ නොපැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති අයුරු තමන් දුටු බවයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කාලසටහන් තීරණය කිරීමේ නීත්‍යානුකූල බලය පවතින්නේ ස්වාධීන මැතිවරණ කොමිසමට සහ පාර්ලිමේන්තුවට මිස, කිසිදු දේශපාලන පක්ෂයක ලේකම්වරයෙකුට “අහවල් දවසේ ඡන්දය තියනවා හෝ තියන්නේ නැහැ” යනුවෙන් ඒකාධිපති ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමට කිසිදු සදාචාරාත්මක හෝ ව්‍යවස්ථාපිත බලයක් නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී දැඩිව අවධාරණය කර සිටියේය.
















