චීනයේ මැකාවෝ හිදී පැවැති ‘ආසියානු කලා සිනමා උලෙළේ’ (Asian Art Film Festival) දී හොඳම කැමරාකරණය සඳහා වූ ස්වර්ණ පෙට්‍රල් සම්මානය (Golden Petral Award for Best Cinematography) ‘රිවස්ටන්’ චිත්‍රපටයේ කැමරා ශිල්පී ප්‍රභාත් රෝෂන් මහතා විසින් දිනාගෙන තිබෙනවා. මැලේසියාවේදී පැවැති මෙම සිනමා උලෙළ ඉකුත් 19 වන දින සිට 21 වන දින දක්වා පැවැති අතර, සම්මානය දිනාගත් ඔහු ඉකුත් 23 වන දින යළි දිවයිනට පැමිණියා.
මෙම චිත්‍රපට උලෙළ සඳහා ආසියානු කලාපයේ සහ ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත උසස්ම සිනමා නිර්මාණ ඇතුළත් වූ අතර, ඔස්කාර් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත ජූරියක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කෙරුණා. සම්මානය දිනාගත් ප්‍රභාත් රෝෂන් මහතාව පිළිගැනීම සඳහා ‘රිවස්ටන්’ චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු කලාකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.














