පසුගිය රජයන්ට මෙන්ම වර්තමාන රජයටත් තමන් රැවටී ඇති බවත්, ඒ හරහා තමන් “කබලෙන් ලිපට වැටුණු” තත්ත්වයකට පත්ව ඇති බවත් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පවසයි. ව්‍යවසායකත්වය නංවන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ මෙම රජයට රට වෙනුවෙන් ඉදිරි දැක්මක් නොමැති වීම නිසා රට දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇතැයි ඇය චෝදනා කරයි.ආණ්ඩුව ගනු ලබන තීරණ ව්‍යවසායකත්වය විනාශ කරන අතර, ඒ හරහා ව්‍යාපාරිකයන් ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට සහ මර්දනයකට ලක්ව ඇති බව ටානියා අබේසුන්දර මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරයි.














