එඩේරමුල්ල පොලිස් වසමට අයත් පේද්‍රිස් මාවත ප්‍රදේශයේදී කොළඹ දිශා අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ප්‍රධාන පෙළේ තරුණ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 මැයි 26 වන දින රාත්‍රී කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 213ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 516ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
තරුණ වයසේ පසුවන අය සූක්ෂ්ම ලෙස යොදාගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයක් මෙරට ක්‍රියාත්මක වන බවට මෙම වැටලීමෙන් මනාව පැහැදිලි වන අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය පිටුපස සිටින ප්‍රධාන මහමොළකරුවන් සහ ජාලගත සබඳතා අනාවරණය කරගැනීම සඳහා කොළඹ දිශා අපරාධ කොට්ඨාසය මඟින් පුළුල් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
















