ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නව නියාමන යුගයකට පිවිසීමත් සමඟ, ක්ෂේත්‍රයේ නායකයන් එක් කළ ක්ෂුද්‍රමූල්‍ය නායකයන්ගේ සංසදය 2026 බොල්ගොඩ Hotel Clio හිදී පැවැත්වුණා. ලංකා ක්ෂුද්‍රමූල්‍ය ජාලය (LMFN) විසින් සංවිධානය කළ මෙම සංසදයට ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් රැසක් එක්ව සිටියා.
“නියාමනය වූ අනාගතයකට නායකත්වය ලබාදීම” යන තේමාව යටතේ පැවති සංසදයේදී, ඉදිරියේදී සිදුවන නියාමන වෙනස්කම් ක්ෂේත්‍රයේ පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීමට සහ මහජන විශ්වාසය ගොඩනැගීමට අවස්ථාවක් ලෙස භාවිත කළ යුතු බව ආචාර්ය කිෂු ගෝමස් අවධාරණය කළා.
එමෙන්ම ණය තොරතුරු හුවමාරුවේ වැදගත්කම, වගකීම් සහගත හා තිරසාර ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයක් ගොඩනැගීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කරමින් ආයතන ශක්තිමත් කිරීම පිළිබඳවද සංසදයේදී අදහස් පළ වුණා.














