නීතිවිරෝධී ආයුධ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින්, අත්අඩංගුවට ගන්නා ලද නීතිවිරෝධී, භාවිතයට නුසුදුසු සහ අස්ථානගත කරන ලද ගිනිඅවි 2,819ක් විනාශ කර දැමූ බව නයිජීරියානු ආයුධ පාලන ඒජන්සිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
මෙම ආයුධ යළි සංසරණය වීම වැළැක්වීම සඳහා මහජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ බව ආජන්සියේ ප්‍රධානී ජොන්සන් කොකුමෝ (Johnson Kokumo) සඳහන් කළේය. සන්නද්ධ කොල්ලකෑම්, පැහැරගැනීම්, කැරලිකාරී ක්‍රියා සහ ප්‍රජා අතර ගැටුම් මැඩලීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, 2021 වසරේ මෙම ඒජන්සිය පිහිටුවන ලද අවස්ථාවේ සිට නීතිවිරෝධී ආයුධ 21,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතරින් ආයුධ 19,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බව නිලධාරීහු පවසති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














