නිකවැරටිය, නෑබඩ වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව නිකවැරටිය පොලිසිය පවසයි. මෙම සිදුවීම පසුගිය ජූනි 16 වන දින වාර්තා වී ඇත.
අතුරුදන් වූ තැනැත්තා දිවුල්ලෑපොත, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොහු තවත් පිරිසක් සමඟ වැවේ රොන් මඩ සහිත ප්‍රදේශයක පැටලී සිටි කුකුළෙකු බේරා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව නිකවැරටිය පොලිසිය විසින් මේ වන විටත් මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතී.
















