නිල්වලා ගඟ අකුරැස්ස ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යාම හේතුවෙන් ප්රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
කඹුරුපිටිය–මුලටියන මාර්ගය රන්සෑගොඩ සහ මාකඳුර යන ස්ථානවලින් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
එමෙන්ම අකුරැස්ස–කඹුරුපිටිය මාර්ගය හෝන්දුගොඩ ප්රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
රියදුරන් සහ මාර්ග භාවිත කරන්නන් ජලයෙන් යටවී ඇති මාර්ගවල ගමන් කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙයි.














