27 April 2024
#දේශීය

නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් – ජනපති

ගුවන් සේවා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් ලබා දී ඇත.

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති මෙලෙස නියෝග නිකුත් කර ඇත.

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *