27 April 2024
#දේශීය

වසා දමා තිබු නියංගොඩ පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් යළි බල ගැන්වේ

වසර 06කට අධික කාලයක් අතහැර දමා තිබු කෝටි ගණනක් වටිනා අක්කර 1.5 ක භූමියක ස්ථාපිත ගලගෙදර නියං‍ගොඩ ප්‍රදේශයේ ලංකා සළුසල ආයතනයට අයත්ව තිබු පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් යළි භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ.

එය සැලසුම් කිරීම සදහා අදාල භූමිය සහ ගොඩනැගිලි පරීක්ෂාවට ලක්කිරීම සදහා පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (16) කටයුතු කළේය.

එහිදි එම ආයතනය සතුව තිබු පේෂකර්ම යන්ත්‍ර සහ ගොඩනැගිලි වල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය අවධානය යොමු කළ අතර, මෙම පේෂ කර්ම මධ්‍යස්ථානය නැවත භාවිතයට ගැනීම සදහා වන අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා ආණ්ඩුකාවරයා මෙහිදි උපදෙස් ලබාදීම සිදුවු අතර, ඒ සදහා අවශ්‍ය සහාය ලබාදීම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ලංකා සළු සල ආයතනයේ සභාපතිවරයා මූලික එකඟතාවයකට පැමිණියේය.

අදුරට ශාප නොකොට, එක පහනක් හෝ දැල්වීම වැදගත් බවයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය හමුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් මෙහෙයවීම යටතේ ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සදහා මේ වන විටත් කටයුතු කරමින් පවතින බවත්, මෙවැනි රාජ්‍ය සම්පත් අභාවයට යාමට ඉඩ නොදී ඒවා‍ උපරිම කාර්යක්ෂමතාවයකින් ජනතා සේවය වෙනුවෙන් යෙදා ගත යුතු බවත්, මෙම ආයතනය මගින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත භාණ්ඩ අපනයනය මගින් දේශිය ආර්ථිකය සවිමත් කිරීමටත් දේශිය ව්‍යවසායකයින් නගා සිටුවීමටත් කටයුතු කරන බවත්, පසුගිය රජය සමයේ මෙවන් බොහෝ ස්ථාන සැලසුමකින් තොරව අතහැර දමා ඇති බවත්, එම සියලු ස්ථාන භාවිතයට ගැනීමේ අවශ්‍යතාවය පවතින බවත් එම මහතා මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සදහා ලංකා සළුසල ආයතනයේ සභාපති ඩෙන්සිල් ඉන්ද්‍රජිත්, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, , පළාත් පේෂ කර්ම අධ්‍යක්ෂ ප්‍රියනාත් පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.

 

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *