ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට මේ වන විට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) දින අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
මේ වන විට අධිකරණයට ඉදිරිපත් වී ඇති කරුණු සහ පවතින විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් මෙම කරුණ අධිකරණය හමුවේ තහවුරු කර ඇත. වරුණ ජයසුන්දර මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමකට අදාළව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළහ.
මෙම දැනුම්දීමත් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් පවතින බවට පැවති අවිනිශ්චිතතාවයට මේ වන විට විසඳුමක් ලැබී ඇත.
















