27 April 2024
#දේශීය

රට සම්පුර්ණයෙන් වසා දැමිමට තීරණයක් නෑ – යුධ හමුදාපති

රට සම්පුර්ණයෙන්ම වසාදැමීමට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුවිය හැකි බවයි.

විශේෂයෙන්ම බස්නාහිර පළාත සහ පිට පළාත් අතර භාණ්ඩ ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට හැර අනෙකුත් පුද්ගලයන්ට ඇතුළුවීම සහ පිටවීමට අදාළ සිමා පැනවීමට ඉදිරි දින කිහිපයේ දි පියවර ගනු ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදිගැනීමේ අරමුණින් වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල්වල එක්රැස්වීමෙන් වළකින ලෙස ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *