27 April 2024
#දේශීය

ඇමැතිධුර එපා …ජනතාවට සහන දෙන්න සහාය – හිටපු ඇමැති ගම්මන්පිල

නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර ගන්නා නොමැතිව ජනතාවට සහන දෙන වැඩපිළීවෙලට සහාය පල කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු ස්වාධීන වූ පක්ෂ 10 කණ්ඩායමේ නියෝජිතයින් හා තවත් ස්වාධීනව ක්‍රියා කරන මන්ත්‍රී කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වි පිටතට පැමිණි අවස්ථාවට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍ය ධුර භාර නොගෙන අගමැතිවරයා යෝජනා කරන කමිටු 15 ට සම්බන්ධවී ඒ මොහොතේ පවතින ජනතා ගැටලු විසඳීමට සහය දෙන බවයි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ආචාර්ය විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් පැමිණියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *