27 April 2024
#දේශීය

සල්ලීත් නෑ ඡන්දෙත් නෑ – ජනපති

දැනට මුදල් නොමැති බවත් මැතිවරණයත් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ සල්ලි තිබ්බත් මේ වන විට ඡන්දයක් නොමැති බවයි.

ජනාධිපතිවරයා අවධාරණය කලේ මැතිවරණ කොමසමට අදාළ බලය ලබා දී තිබුණත් ඔවුන් ඇතැම් අවස්ථාවලදී කටයුතු කල ආකාරයට පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බවයි.

එසේම මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණය පැවැත්වීමට අදාළ දීනයක් නියම කර නැති බවයි.

එසේම විපක්ෂයේ බොහෝ දෙනෙක් මේ වන විටත් පවසා සිටින්නේ මැතිවරණය කල් දමන ලෙස බව ජනාධිපතිවරයා අවධාරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *