• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය පෙරලීමට කිසිවකුට අයිතියක් නැහැ .. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් – ඇමති ප්‍රසන්න

15 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ ඊනියා අරගල සිදු කර රට අස්ථාවර කිරීමට යළි ඉඩ නොදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේම මිනිසුන්ට ආණ්ඩු පෙරලීමට අයිතියක් ඇති නමුත් රාජ්‍ය පෙරලීමට කිසිවකුට අයිතියක් නැති බවත් එය ත්‍රස්ථවාදී ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙහිදී ආයතනයේ වත්මන් තත්ත්වය හා ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිලධාරින් සමඟ සාකච්ඡා කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා, “ පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයෙක් ලෙසත් අද කැබිනට් ඇමතිවරයෙක් ලෙසත් මා කටයුතු කරනවා. මම කිසි දිනක මගේ යටතේ තිබෙන ආයතනවලට යන්නේ නෑ. ගිහින් බලපෑම් කරලා කටයුතු කරන්නේ නෑ. මම හැමවිටම උත්සාහ කරන්නේ ඒ ආයතන ස්වාධීනව යන්න ඕනි කියන ස්ථාවරයේයි. අපි සෑම සදුදා දිනකම මහජන දිනය කරනවා. මහජන දිනයේදී පැමිණෙන පැමිණිලි ගැන අදාල නිලධාරීන්ව ළගින් තියාගෙන එම ගැටළු නිරාකරණය කරනවා. නොවිය යුතු යම් කරුණු කාරණා අද රාජ්‍ය ආයතන තුළ සිදුවනවා. ඒවා පුළුවන් තරම් අවම කර ගන්න ඕනේ. තව කෙනෙකුට බොලේ පාස් කරලා හරියන්නේ නෑ. වාහනයක් දෙනවා නම්, වැටුප් ගන්නවා නම්, දීමනා ලබා ගන්නවා නම් ඒ වියදම් කරන මුදල් ජනතා මුදල්. ඒ නිසා ණයක් නොවී ඒ ලැබෙන මුදලට වැඩ කරන්න ඕනේ. ආයතනයක හොඳට වැඩ කරන මනුස්සයා හැමදාම බැනුම් අහනවා. ඒ සෑම දේකටම මුහුණ දෙමින් තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. මම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය භාර ගන්නා විට මුලින්ම කළේ නාගරික සංවර්ධන අධිකාරියේ තිබුණ ගැටළු විසදීමයි. එහි තොරතුරු දැනගෙන අදාල නිලධාරින්ව වෙනස් කරන්න කටයුතු කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙත් එවැනි වැඩ පිළිවෙලක් අපි සිදු කළා. ආයතනයක වෙනස්කම් සිදු කරන්න වෙනවා. නැත්තම් ආයතනය පවත්වා ගන්න බැරි වෙනවා. අලුත් විදියට හිතලා අලුත් විදියට වැඩ කරන්න පුළුවන් නම් අපිට ගමනක් යන්න පුළුවන්. අද රටේ පවතින තත්ත්වය මට වඩා රාජ්‍ය නිලධාරීන් විදියට ඔබ දන්නවා. සම්ප්‍රදායි ආයතනයක් විදියට ඉදිරියට ගමන් නොකර අලුත් විදියකට හිතලා ආදායම් උත්පාදනය කරන්න ඕනි. ඒ යන ගමනේදී පළවෙනි කාරණාව වන්නේ ආයතනයේ සිටින සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමයි. දැන් අපිට තිබෙන ලොකුම අභියෝගය ඒයයි. මගේ යටතේ තිබෙන රාජ්‍ය ආයතන කීපයක් වැහෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. තමන්ම ආදායම උත්පාදනය කරගෙන ආයතනයේ සේවකයින් රැකියා සුරක්ෂිත කිරීමේ වගකීමක් ආයතනයේ ප්‍රධානීන්ට තිබෙනවා. තව ටික කාලයක් යනවිට මෙය සාමන්‍ය තත්ත්වයට පත්වෙනවා. අභියෝගාත්මක කාලය වන්නේ මේ කාලයයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියන්නේ මේ රටේ හිටපු අගමැතිවරු වැඩකටයුතු කළ අමාත්‍යාංශයක්. මෙය අමාත්‍යාංශය ප්‍රභල අමාත්‍යාංශයක්. නමුත් හොඳ කාලෙට හොඳ වගේම නරක කාලේට නරකත් බලපානවා.
ආයතනයට පැමිණි පසු එහි පැමිණෙන ජනතාවට සළකන ආකාරය ගැන අද අපට විවිද පැමිණිලි එනවා. පිටරට ආයෝජකයෙන් එනකොට අපි පාවඩ දාලා පිළිගන්නවා. නමුත් අපේ රටේ ආයෝජකයෙක් දෙයක් කරන්න යද්දි එයට උදව් කරන්නේ නෑ කියන චෝදනාවක් තියෙනවා. ලංකාවේ වුනත් පිටරට වුණත් ඒ පැමිණෙන ආයෝජකයා එකයි. ලංකාවට හොඳක් වෙනවා නම් අපි ඒ ආයෝජනය කරන්න ඕනේ. මේ වගේ තැන්වලින් වැඩ නොවුනාම ඒ මිනිස්සු මං ගාවට එනවා.
මම මේ අමාත්‍යාංශය භාර ගත් දා සිට මං ගාවට එන්නේ නැති බැරි මිනිස්සු විතරයි. යමක් කමක් තියෙන මිනිස්සු නිලධාරින් හරහා කොහොම හරි ඔවුන්ගේ වැඩ කර ගන්නවා.
නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රමවේදයක් තිබුණා ඩයිවස් කරන අලුත් ක්‍රමයක්. ඉඩම් පවර ගන්නවා. ජනාධිපතිතුමා කියලා තියෙනවා වන්දි ගෙවන්න බැරිනම් ඩයිවස් කරන්න කියලා. ඩයිවස් කරද්දි ලේඛනය හදද්දි ඒකේ පියන්ගේ ඉදන්ම දන්නවා මේ ඉඩම් ඩයිවස් කරනවා කියලා. ඔවුන් ඒ අය අයිතිකාරයන්ට කියනවා ඒ ඉඩම අරන් දෙන්න පුළුවන් ඒකට ගාණක් දෙන්න වෙනවා කියලා. ඒ මුදල ඇමතිටත්, ලේකම්ටත් දෙන්න වෙනවා කියලා. ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියට ගිහින් පහළ මට්ටමේ කෙනා තමයි මේ ව්‍යාපාරය කරන්නේ. කරනකොට අපේ නමුත් විකුණනවා. දැන් ඒවා අහුවෙලා තිබෙනවා. ගොඩ දෙනෙක්ට යන්න වුනෙත් ඒකයි. රස්සාව නැතිව යන්නේ පහළම මනුස්සයාගෙයි.
මේ ආයතනය පිළිබඳවත් ඒ වගේ පැමිණිලි තිබෙනවා. ඇත්ත හෝ බොරු මිනිස්සුන්ට වැඩේ කරන්න බැරි වුණාම කියන්නේ ඒ නිසයි. ආයතනයේ හොඳ ආවත් නරක ආවත් භාර ගන්න වෙන්නේ ආයතනයේ සභාපතිතුමාට මිස මට නොවෙයි. වැඩ කරන්න පුළුවන් වාතාරණයක් සාදා ගැනීම ආයතනයේ සභාපතිවරයාගේ වගකීමයි. වෙනස් කරන්න ඕනි තැන් වෙනස් කරන්න අවශ්‍යයයි. මගේම පාක්ෂිකයෙක් වුණාට මට කමක් නෑ. ඔලුව නරක් කර ගත් අරගලකාරයින් හිටියා රාජ්‍ය ආයතනවලත්. ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා. නැවත අරගලකරුවන්ට කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ. අරගලකරුවන් රට හදන්න එනවා නමුත් ඔවුන් ළමයෙක් ලැබෙන්නේ නැතිව පරිස්සම් වෙන්න දන්නේ නෑ. කුඩාරම් ඇතුලේ රිංගලා හිටියා, අද ඔවුන්ට ළමයි හම්බවෙනවා කෝච්චිවල දාලා යනවා. මිනිස්සුන්ට තම දේශපාලන මතයට ගරු කරන්න පුළුවන්. කාලකන්නීන්ට රටක් විනාශ කරන්න දෙන්න බෑ. ආණ්ඩු පෙරලන්න, වට්ටන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට තිබෙන අයිතියක්. නමුත් රාජ්‍ය වට්ටන්න, රාජ්‍ය පෙරලන්න හදනවා කියන්නේ එය ත්‍රස්ථවාදී ක්‍රියාවක් වනවා. ආයතනයක් ස්වේච්ඡාවෙන් නගා සිටුවන්නේ කොහොමද යන්න ආයතනයේ මිනිස්සුන්ගේ වගකීමක්. අපි අවුරුදු දෙක තුනකට එනවා අපි ආයේ වෙනස් වෙනවා තව කෙනෙක් මෙතැනට එනවා. ආයතනයේ රැක ගැනීමේ වගකීම තිබෙන්නේ ආයතනයේ සේවකයින්ටයි. රාමුව ඇතු‍ලේ කොටු නොවී වැරැද්දක් නොකර ජනතාවට උදව් කරන්න. සත්භාවයෙන් උදව් කරලා මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න. එතකොට මිනිස්සුන්ට මං ගාවට එන්න ඕනි වෙන්නේ නෑ.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, එහි සාමන්‍යාධිකාරී ශ්‍රීමතී සේනාධීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 1
Previous Post

හමුදාමය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ඊජිප්තු තානාපතිගේ අවධානය

Next Post

බස්නාහිර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් හා නව ආයතනයක් -ජනපති

editor

editor

Next Post

බස්නාහිර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් හා නව ආයතනයක් -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved