• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිසිදු මහජන දේපලක් අපතේ යෑමට ඉඩ ලබාදීය නොහැක – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

12 August 2022
in සංවර්ධන

ගලගෙදර නියං‍ගොඩ ප්‍රදේශයේ ලංකා සළුසල ආයතනයට අයත්ව තිබු පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය යළි භාවිතයට ගැනීමට පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පසුගියදා කටයුතු කලේය.

ඒ, කැබිනට් තීන්දු කීපයක් තිබුණත් ක්‍රියාත්මක කිරීමට නොහැකිව වසර 6ක් වසා තිබූ කෝටි ගණනක් වටිනා අක්කර 1.5 ක භූමියක ස්ථාපිත ගලගෙදර නියං‍ගොඩ ප්‍රදේශයේ ලංකා සළුසල ආයතනයට අයත්ව තිබු පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය මෙලෙස යළි භාවිතයට ගැනිමට කටයුතු කර ඇත.

අදාල භූමිය සහ ගොඩනැගිලි පරීක්ෂාවට ලක්කිරීම සදහා පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පසුගිය මාර්තු මස 16 දා කටයුතු කර තිබූ අතර, එම මධ්‍යස්ථානය නැවත භාවිතයට ගත හැකි මට්ටමට සංවර්ධනය කිරීම සදහා වන මූලික අධ්‍යනයන්ගෙන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සදහා ලංකා සළුසල ආයතනයත් මධ්‍යම පළාත් සභාවත් අතර වන ගිවිසුම සදහා අත්සන් තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ ලංකා සළුසල ආයතනයේ සභාපති ඩෙන්සිල් ඉන්ද්‍රජිත් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (11) සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, කිසිදු මහජන දේපලක් අපතේ යෑම සදහා ඉඩ ලබාදීම කිසිවිටක සිදුනොකල යුක්තක් බවත්, සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනීම සිදුකළ යුතුව පවතින බවත්ය.

ලංකා සළු සල ආයතනයේ සභාපතිවරයාගේ සහයෝගීතාව මත නැවත පණගැන්වෙන මෙම මධ්‍යස්ථානය වඩා ඵලදායී ආකාරයෙන් භාවිතයට ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ ඔස්සේ රට තුලට විදේශ විනිමය රැගෙන ඒමේ අවස්ථාවක් ද මෙම ව්‍යාපෘතිය හරහා සැලසෙන බවත් පළාතක් වශයෙන් රටක් වශයෙන් මෙම වසා දමා තිබු කර්මාන්ත ශාලාව නැවත පණගැන්වීම පිළිබද සතුටුවිය හැකි බවත්, තමා ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පළාත් සභාව තුල මහජන මුදල් හැකි සෑම අවස්ථාවකදීම ඉතිරි කිරීම සදහා කටයුතු කරමින් ජනතා මුදල් වඩා කාර්යකෂම අයුරින් භාවිතා කළ බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් පේෂ කර්ම අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.

 

මාතලේ – මහේෂ්

Post Views: 6
Previous Post

ඡන්දයක් තිබෙන මානසිකත්වයක් දැන් ජනතාව තුළ නෑ – මන්ත්‍රී සමන්ප්‍රිය

Next Post

නියත වශයෙන්ම රට මුහුණ පා තියෙන අර්බුදයෙන් ගොඩගන්නවා – ජනපති

editor

editor

Next Post

නියත වශයෙන්ම රට මුහුණ පා තියෙන අර්බුදයෙන් ගොඩගන්නවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved