27 April 2024
#දේශීය

නව ජනපති සඳහා නාමයෝජනා ඉදිරිපත් කරයි

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා අද (19) පාර්ලිමේන්තුවේදී මහලේකම් ධම්මික දසනායක මහතා විසින් නිවේදනය කරනු ලැබුවේය.

ඒ් අනුව අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂකත්වයට ඩලස් අලහප්පේරුම මහතාගේ නම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කර සිටි අතර එය ජී.එල්.පිරිස් මහතා ස්ථීර කර සිටියේය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර සිටි අතර එය මනුෂ නානායක්කාර මහතා විසින් ස්ථීරණ කලේය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් විජිත හේරත් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතාව යෝජනා කර ඇති අතර එය හරිනි අමරසුරිය මහත්මිය විසින් ස්ථිර කර සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *