27 April 2024
#දේශීය

ආර්ථික අර්බුදයෙන් මිදීමට ණය නොවන විදේශ විනිමය රට තුළට ගෙන ආ යුතුයි – ඇමැති මනුෂ

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බවත්, එම නිසා නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ඩොලර් ගැටලුව නිසා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිව රෝගන් දැඩි අවදානමකට පත්ව සිටින බවදද එම තත්වයෙන් රට මුදා ගැනීමට තමන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ මුදල් එවීම නතර කරන ලෙසද ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊශ්‍රායලයේ සහ ජපානයේ රැකියා අවස්ථාව ලැබූ කණ්ඩායමකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. ජපානයේ රැකියා සදහා පිටත්ව යන 19 දෙනෙක්ට සහ ඊශ්‍රායලය බලා පිටත්ව යන සාත්තු සේවිකාවන් පස් දෙනෙක්ට මෙහිදී ගුවන් ටිකටපත් ලබාදුන්නේය.

මෙම අවස්ථාව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *